2011-06-16

මිස්ට ඇන්ඩ් මිසිස් මනමේගේ අප්සට් හනිමුන් එක සහ ඉතින් ඊට පස්සෙ


   මේ දවස්වල බ්ලොග් අවකාශෙ ටිකක් කතාවවෙනවා මේ ගැන .. මනමේගෙ හනිමුන් එක ගැන නෙවෙයි ඔය මනමේ නාට්‍ය ගැන... සිත් අහසෙ ප්‍රාර්තන ලියල තිබුනා එයාගෙ මවුතුමීට හම්බවුන මනමේ ගැන විචාරයක්.ඔන්න ඉතිං මටත් මනමේ ගැන හිතුන ඒව.

සිරාවටම මනමේ කුමාරි කුමාරයට බූට් එක තිබ්බද...  නැත්නම් වැද්ද කුමාරයට බැස්ටිය දීල කුමාරිව ඉස්සුවද.. කියන එක හෙන ප්‍රස්නයක්.... ඔය නාට්‍ය බලනකොටනං මනමේ කුමාරි අරන් එන කඩුව වැද්ද උදුරල ගන්නවා... අරෙගෙන කොටනව කුමාරයාට... බඩු බනිස්.. කෑල්ල උස්සගන්නවා.. යනව...

ඒ අතින් වැද්ද සිරා පොර ... දැක්ක ඕනෙ උනා... ගේම දැම්ම ඉස්සුවා..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

බලන් ගියාම වැනිල ඩ්‍රීම් එක වගේ කෑල්ල උනාට මනමෙ කුමාරිත් පට්ට කට්ට වෙට්ට පිත්තල අම්මන්ඩි.  වැද්ද පොර බව  තේරිලාද කොහෙද  මෙන්න මේ ගෑනි කියාපි
"මම කඩුව දෙන්න ආවෙ ඔයාටනෙ අනේ...." නයි කයිද රෝස් පාන් ඔන්න ගෑනු,,,

අන්න මනමෙ කුමාරි ඉල්ලන් කෑව තැන ...... වැද්ද හිතුව, යකෝ බැදල දවසක් යන්න කලින් වෙන එකෙක් දැකල ඌට කැමතිවෙලා තමන්ගෙ හස්බන්ඩ්ඩට ටොපිය සෙට් කරපු ගෑනි... මට වඩා හොද බුවෙක් හම්බ උනොත් අනිවා මටත් ඉතින් පයනු අතදිගලෝයනු තමයි... ඔය අර පේශල් මේ පේශල් කරල පොත්ත සුද්දට තිබුනට බැද්දෙ ඉන්නවනෙ ඉටිකිරිස් කෑලි.. කලු උනාට මොකද.. ඔය දොදොලුත් කලු උන තරමටනෙ රහ කියනවනෙ..

ඇද්ද  කඩුව.. දුන්න මනමේ කුමරයට දුන්න බැස්ටියම කුමාරිටත්... බඩු පැකට...!!!

අන්න වැද්දට වැරදුන තැන... .. ඇයි හත්වලාමේ... ඔන්න වෙඩිම ඉවර උනා විතරයි.. ඩීපිසර් එකෙන් එලියට ගත්ත වැනිල ඩ්‍රීම් එක වගේ කෑල්ල තමයි මන්මෙ කුමාරිත්... දැන් බැදාම මොකද කරෙනෙ.. දෙක වසරෙ එකෙක්ගෙන් ඇහුවත් කියයි යන්නෙ හනිමුන් කියල... ආයෙ හෝදන්න දෙයක් නෑනෙ ඒකෙ...

දැන් ඉතින් කැලේ යනව දෙන්නත් එක්ක... මනමෙ කුමාරිත් බලන් ඉන්නව දැන් දැන් මෙයා වැඩේට එන්ටර් වෙයි කියල.... මිග්.... මෙන්න මේ යකා සිංදු කියනවා... සිංදුව කියල මූඩ් එක රොමෑන්ටික් කරගෙන වැඩේට එන්ටර් වෙයි... කුමාරිටත් මාර හැපි දැන්.. එයත් කියන්ව සින්දුවක්...
කියනව.. කියන්ව...කියනව... යකඩෝ මේයකා පරන වෑර්ලස් එකක් වගේනෙ... ඔන්න දැන් කුමාරිට තනි ඇහැට ඇඩිල ඉන්නෙ.... දැඩිම මල

ඔන්න  දැන් අපි පොඩ්ඩක් අලමුකො ඔය ම්නමේ කුමාරිගෙ ඩැඩා කාරය එහෙම නැත්නම් මිස්ට දිසාපාමොක් කරේ බෝයිස්කූල් එකක්නෙ... ඉතිං මනමේ කුමාරි යන්තන් ගැටිස්සි කාලෙ ඉදල දැක්කෙ කොල්ලො විතරයි.. ස්තිරියක් උනාත් මනුසස පරානෙ නෙව..කෑම දැක දැක බඩගින්නෙ ඉදල ඉදල ඉදල  ඔන්න මගුලකුත් බැන්ද කියමුකො.. හත්තිලවුවෙ මේ යකා පරන බයිස්කෝප් කාරයෙක්ද වගේ... සිංදු කියනව විතරයි නෑනෙ කිසිම කික් එකක්... මල පනින එක අහන්නත් දෙයක්ද...

හැබැයි කුමාරිටත් අමතක වෙච්ච දේ තමයි කැලේදිම හනිමුන් එකට සෙට් වෙලා රජවාසලට ගිහින් නැන්දම්ම  සුදු රෙද්ද බැලුවම තමයි මල රෙද්දක් වෙන්නෙ.. ඒපාර ඒගෑනි කෑ ගහවි පුතන්ඩියා ගෙනත් තියෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කියල.. ඒපාර ඌටත් ලෙඩේ..
පොර කිවුවට පිලිගන්න නැති ජාතියෙ එක්කෙනෙක්ද දන්නෙ නෑනෙ ඔය මනමෙගෙ මමී... ඒක එහෙම නිසාද දන්නෙ නෑ මනමෙත් හෙමීට පොත පෙරලගෙන සින්දුවෙන් ගේම ගහගෙන රජවාසලට දක්කන් යන්න හැදුවෙ මේ නෑම්බිව...

කොහෙද ඉතිං........
ඒ අස්සෙනෙ ඔය වැද්ද වැඩේ අජපල් කරේ සීන් එකට එන්ටර් වෙලා...කුමාරිටත් මනමෙගෙ පොත තේරුනේ නෑ... ඔන්න දීල දැම්මා කඩුව වැද්දට... කුමාරි හිතුවෙ මනමෙගෙ මූන විතරයි ලස්සන ඇග නිකන් සයිබීරියාවෙන් ගෙනාපු ලීම කරලක් වගේ, ඒ වගේද වැද්ද, හයේ හතරෙ පොර කියල... කන්න ඕනෙ වෙලාඅවට කබරත් තලගොයා වෙනවනෙ...

අන්තිමට ගෑනිත් ඉල්ලගෙන කෑව...
වැද්දත් මෝඩයා.. මනමෙත් මෝඩයා.. කුමාරිත් මෝඩයා....
අර කතන්දර කියනව වගේ කුමාරිගෙ වර්ජිනිටි එක නැති උනෙත් නෑ... හැබැයි ඉතින් කවුද දන්නෙ ඔය කොල්ලො ගොඩේ ඉදල මොන මොනව උනාද කියල... කොහෙද ඒව බලාගන්න දුන්නෙ නෑනෙ වැද්ද වැඩේ කෑවනෙ...

ඕක මෙහෙම උනානං අන්න කතාවෙ බල්ටි විසිල් හරිය...
ඔන්න කුමාරි යනව රජවාසලට.. හනිමුන් එකේදි වැඩේ අබ්ලික්.... නැන්දම්ම ඉල්ලනව ගේම.. මනමෙට තදවෙනව.. උබලගෙ දේපල මට එපා කියල බහිනව පාරට... ඔන්න කැලේ එද්දි වැද්දව සෙට් වෙනවා.. වැද්ද දානව සිද්දිය..
ඔය ඊට පස්සෙ මොනව මොනව හරි කරල කොටස් දෙක තුනක් ගැහුවනම්... වැඩේ ගොඩනෙ... කොහෙද වැද්ද ඉස්සර උනානෙ... ශික්... අර ගෑනිටත් කටවහන් ඉන්න බැරි උනා.....

කොහොමින් කොහොම හරි ඔන්න මිස්ට ඇන්ඩ් මිසිස් මනමෙ දෙන්නම පරලොවනෙ... වැඩේ කියන්නෙ ඔන්න මනමෙ කුමාරිට අහු උනාලු දවසක් මනමෙකුමාරය... ඒ ලෝකෙදි.. ඔන්න කුමාරය සිද්දියය දාන්වලු කුමාරිට.....හපොයි මේක දිග වැඩි උනා.. ඉතුරු ටික නිසදැසකින් ඔන්න එහෙනම්

                            මනමේ කුමරියට
                            හමුවී..
                            මනමේ කුමරුන්
                            මලවුන්ගෙ ලෝකයේ
                            දවසක්....
                            ඇහුවාලු
                            මනමේ කුමරු
                            කුමට වැද්දාට
                            දුනාද කඩුව
                            තරහින්..
                            බැදල හැටපැයක්
                            සිංදු කිවුව මිස
                            එක්කන් ගියාද
                            තමුසෙ මාව
                            හනිමුන්...
                                                              ඇතිනෙ.... මනමෙ පට්ට පජාතයි එහේදිත්... ... පවු අප්ප මනමෙ... මටන දුකේ බෑ කොල්ල ගැන





8 comments:

  1. හික්ස්.. බලාගෙන යද්දි ඇත්තම සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි එහෙනම් නේ..

    ReplyDelete
  2. මරුම ටික තියෙන්නෙ නිසදැසේ නේ බන්...

    ReplyDelete
  3. @ ප්‍රාර්ථනා :- ඒකනෙ ප්‍රාර්ථනා ඔන්න ඔහොමයිලු උනේ...

    @ සාතන් :- :D ඔය නිසදැස මම කාලෙකට කලින් ලියපු එකක් ප්‍රාර්තනාගෙ බ්ලොග් එකේ තිවුන විචාරෙ දැක්කම මටත් හිතුනා ලියන්න..

    ReplyDelete
  4. වැඩේ මුලින්ම කන්නේ වැද්දන්ගේ සෙට් එකේ ඉන්න වැද්දෙක්. බුවානේ කියන්නේ "මෑ වේ මා දුටු කොමල ලියා, දෙස බලනුය රජතුම චිත්ත නොම වේද තුටු" කියලා. වැදි රජාත් ෆෝම් වෙන්නේ ඕකෙන් තමා :))

    ReplyDelete
  5. @ හසිත.. ඒකත් ඇත්ත.. ඌට තනියම ගේම සෙන්ටිමෙන්ටල් කරන්න බැරි නිසා හිතන්න ඇති රජාට කියල ගේම ගස්සවනව... වැදිරජා මනමෙ කුමාරි අරන්ගියාම පොරටත් බැරියැ ඉතිං කොක්කක් ගහල බලන්න... :D

    ReplyDelete
  6. බැදල හැටපැයක්
    සිංදු කිවුව මිස
    එක්කන් ගියාද
    තමුසෙ මාව
    හනිමුන්...
    ඇතිනෙ....

    Athi neennam... hinaa kaala panayanawa. ape office ekee un ahanawa mata pissuda kiyala... hafooyi....

    ReplyDelete
  7. හප්පේ ඕක මගේ හිතේ තිබ්බේ ඔය විදිහටමයි. හැබැයි ඔතනදි මට පොඩි ගැටළුවකුත් අවා මනමේ කුමාරි බබා ද කියලත් මොකෝ කඩුව අතේ තියෙනවනම් වැද්දට වැඩේ දුන්නේ නැත්තේ ඇයි කියල. අතිශය බිහිසුණු සටන් කුමාරිකාවක් වෙන්න තිබ්බනේ මනමේ කුමාරිට

    ReplyDelete