2011-08-04

බැල්ලිගෙ පුත්තු...





නඩුකාර හාමුදුරුවනේ...
ඔවු..
මම ඒ බැල්ලිගෙ පුතාව
මැරුව තමයි...
ඒ ඌ මගේ තාත්තට
කැත්තෙන් කොටපු නිසා..
නඩුකාර හාමුදුරුවනේ...
මැරිච්ච එකාගෙ අම්ම
මට බැන්න  
   බැල්ලිගෙ පුතා කියල......
එහෙම කියල මොනරකොල මිටියක්
දුන්න මේ කලුකෝට් කාරයට....
දැන් මේ කලුකෝට් කාරය
ජූරියට කියනව
මාව එල්ලන්නලු....
ඔබ තුමාට කියල.....
නඩුකාර හාමුදුරුවනේ...
මම ඌව මරපු නිසා...,
මම බැල්ලිගෙ පුතා නම්..,
අර අම්මන්ඩිගෙ
මොනරකොල වලට
මාව එල්ලන්න කියන මේ
කලුකෝට් කාරයත්
   බැල්ලිගෙ පුතා.....
ජූරිය කියන නිසා..
මාව එල්ලන
ඔබ තුමත්
   බැල්ලිගෙ පුතා.....
ඔවු...
උඹත් මහ
  බැල්ලිගෙ පුතා.......

                            ___________________ හාට් Piercing...✿•*`¨
 


 

කලින් හාට් එකේ  Pierce කරපුවා...

ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ

මම රස්තියාදුකාරයා

මගදිගට 5 මීලගට....

16 comments:

  1. දරුවන් හින්දා අම්මලා බැල්ලියො වෙන හැටි.. :(
    දරුවො මොක කරත් අන්තිමේට නහය දන්නෙ අම්මගෙ කියලා කියන කතාව ඇත්ත තමා...
    අනේ මන්දා..

    ReplyDelete
  2. දරුවන් කරන වැරදි ඔකෝම යන්නේ ඉතින් හදාපු අම්මා,අප්පා ගේ පිටින් තමා.. වැඩි වශයෙන්ම අම්මා ගේ පිටින්... ඒ ගැන නම් 2 පාරක් හිතන්න වෙනවා.. :((((

    ReplyDelete
  3. හක් හක් මොකක්ද දැන් මේකේ තේරුම?

    ReplyDelete
  4. @ all :- තේරුම පසෙඑ කියන්නම්... තව කට්ටියට රස විදින්න දෙමු... තාමනම් කාටවත් තේරුනේ නෑ වගෙ...

    ReplyDelete
  5. මට පේන්නෙ එකම අම්මාගේ පුත්තු වගේ බැල්ලිගේ පුතාලා ටික.. :D

    ReplyDelete
  6. පට්ටායි මම කැමතිම විදිහේ තර්කයක් තමන්ගේ තැනට අනිත් එකා ආදේශ කරලා ඌට තමන්ට දැනෙන විදිහ දැනෙන්න අරිනවා... සෝ මම වැරදිකාරයනං උබත් වැරදිකාරයා :D

    ReplyDelete
  7. උඹ උසාවියට අපහාස කරනව නේද හිටු.. හික් හික්

    ReplyDelete
  8. @ නාකියා & චතුමිතු :- කියන එක ඇත්ත.. නමුත් මම බ්ලාපොරොත්තු උනේ ඒක කියන්න නෙවෙයි මෙතන

    @ චාටර් කොල්ල & නිකමා :- කිඩෝගේ සහ banny ගේ කමෙන්ට් බැලුවොත් තේරේවි..

    @ bunny :- අන්න වටින වචනයක් මචං... මට කියන්න ඕනෙදේ උඹට තේරුනා..

    @ කිඩෝ.. :- උබේ මේ කමෙන්ට් එකන් මම දැනගත්තා කවිය සාර්තක විත්තිය.. ස්තූතියි මචං...

    @ outsider :- පිස්සු කෙලින්න එපා.. කවුද එහෙම කලේ...

    ReplyDelete
  9. පට්ටි පජාති පුතේ,,,,සුපිරි ,,,

    ReplyDelete
  10. අම්මෝ මොනා කියන්නද මන්දා. කතාවේ අත්තකුත් තියෙනවා. පොඩි කොල්ලා ලියන්නෙම අමුතු සීන් නේ !!!

    ReplyDelete
  11. කවදත් කොතනත් වගේ දරුවන්ගේ වැරදි වලට අම්මා මතක් කරලා..

    ReplyDelete
  12. මොනරකොල වලට
    මාව එල්ලන්න කියන මේ
    කලුකෝට් කාරයත්
    බැල්ලිගෙ පුතා.....


    "උගේ කීමට
    මාව වැරදි කාරය කරන
    ජූරියේ ඉන්නෙත්
    බැල්ලිගෙ පුත්තු..
    ජූරිය කියන නිසා..
    මාව එල්ලන
    ඔබ තුමත්
    ඔවු... උබ තමා..
    උබ
    මහ බැල්ලිගෙ පුතා......."


    මම පොඩ්ඩක් අන්තිම වෙනස් කරා... උබේ විදිය වඩා හොද ඇති.. උබ කොහොමත් මට වඩා හපනනේ... ඒත් මේ මට හිතුන විදිය...

    ReplyDelete
  13. ඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ......තව ලියන්න....

    ReplyDelete
  14. Right now it looks like Movable Type is the best blogging platform available right now.
    (from what I've read) Is that what you're using on
    your blog?
    Also visit my website ; soccer transfer news sky sports

    ReplyDelete
  15. I do not know whether it's just me or if everyone else encountering problems with your website. It appears as though some of the text within your content are running off the screen. Can somebody else please comment and let me know if this is happening to them too? This may be a issue with my web browser because I've had this happen previously.
    Thanks
    my page > man utd transfer news

    ReplyDelete